දෙවියන්ගේ බිලි පූජාව නැවැත්වීමට මුල් වූ ඇමතිවරයා දේව උදහසට ලක්වෙලා – ප‍්‍රධාන ජූජක

හලාවත මුන්නේෂ්වරම් ශ‍්‍රී කාලි කෝවිලේ වාර්ෂික බලි පූජාව නැවැත්වීමට විශාල උත්සාහයක් ගත් ඇමතිවරයා අද දෙවියන්ගේ කෝපයට ලක් වී දිගින් දිගටම කරදරවලට මුහුණ දෙමින් සිටින බව එම කෝවිලේ ප‍්‍රධාන පූජක ශිව පාදසුන්දරම් පවසයි.

සිතෙන සිතෙන අවස්ථාවල බිලි පූජා පැවැත්වීමට දේවස්ථානය මස් මඩුවක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

Continue reading

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මගේ පුතා රණවිරුවෙකුට හමුදාවට පහරදී නෑ – මර්වින් සිල්වා

තම පුත‍්‍රයා රණ විරුවෙකුට හෝ හමුදාවට පහරදීමක් සිදුකර නැතැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා විසින් හමුදා මේජර්වරයෙකුට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පසුගියදා පහරදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Continue reading

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

නොමේරු කළලයක් කුණු ගොඩක..

මාතර පොදු වෙළඳ සංකීරණය අසල කසළ ගොඩක මල්ලක දමා තිබී නොමේරු කළලයක් මාතර මහ නගරසභාවේ කසළ රැස් කරන සේවකයකුට හමු වී තිබේ.

ඔහු විසින් පොලීසියට කළ දැනුම්දීමක් මත උදෑසන 7.15ට පමණ පැමිණි පොලිස් නිලධාරීන් ‍මෙම කළලය භාරගෙන ඇති අතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවියගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කර ඇත. මාතර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

එජාපයේ සජිත් පාර්ශවය හා රනිල් පාර්ශවයේ අතර ගැටුමට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයේ කණ්ඩායමක් එම පක්ෂයේම රනිල් පාර්ශවයේ කණ්ඩායමක පරදීමෙන් මේ වන විට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඊට සම්බන්ධ තිදෙනකු පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත. උතුරුමැද පළාත් සභාවට ‍එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රී අනුර බුද්ධික මහතා ඇතුළු තිදෙනෙකු මෙසේ පොලීසියට භාරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Continue reading

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු රාජ්‍ය ලේකම් රොබට් ඕ.බේලේක් මහතා අද (12) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. තෙදින නිළ සංචාරයක් සඳහා හෙතෙම ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙරට රැඳී සිටින කාලය අතරතුර දී රොබට් ඕ.බේලේක් මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත‍්‍රිකයින් හමුවී සාකච්ජා කිරීමට අපේක්ෂා කරනු ඇති බව වාර්තා වේ. එහිදී උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අදාළ ක‍්‍රියාකාරී සැලැස්ම පිළිබඳව ද අවධානය යොමු කරනු ඇති.

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහි වාරණය ඉවතට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික නීතිඥ සංගමයට නීති විරෝධි ලෙස නව නීතිඥ මණ්ඩලයක් පත් කර ඔවුන් එම සංගමයට සම්බන්ධ කිරීම වළක්වමින් පනවා තිබු වාරණ නියෝගය අද (11) අදාළ නඩුව කොළඹ දිසා අධිකරණයේදී අද විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී ඉවත් කරන ලදී.

එහිදී කොළඹ දිසා විනිසුරු ධම්මික වල්පොල මහතා විසින් විරෝධතා ගොනු කිරීම සඳහා එහි වගඋත්තරකරුවන් වන එජාප නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සෙසු සාමාජිකයින්ට ලබන නොවැම්බර් මස 01 වැනිදා තෙක් කල් ලබාදෙන ලදී. එදිනට එම නඩු විභාගය යළි සිදුකිරීමට නියමිතය.

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

චීනා ගිල්ල ගල බොරුවක් ලු

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයේදී චීන ජාතිකයකු විසින් ගිලදමන ලද දියමන්තිය ව්‍යාජ එකක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි සභාපති නිමල් බණ්ඩාර මහතා පවසා ඇත්තේ, තම නිලධාරීන් කළ පරීක්ෂණවලින් එය සනාථ වූ බවයි.

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනය අරඹමින් ජනාධිපතිගෙන් ලබන වසරටත් ඡන්දයක්..

උතුරු පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පවත්වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේ 58 වන සැසිවාරය අමතමිනි.

අනාගත අභියෝග ජය ගත හැකි පොදුරාජ්‍ය මණ්ඩලයක් ගොඩ නගමු යන තේමාව යටතේ මෙවර සැසිවාරය පැවත් වේ.

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

බිලි පූජා නවත්වන්න අධිකරණයට බැහැලු..

මුන්නේශ්වරම් කාලි කෝවිලේ සත්ව බිලි පූජාව වළකවාලමින් නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති බව හලාවත දිසා අධිකරණය පවසයි. සත්ව බිලි පූජාව වළක්වන ලෙෂ නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බලමින් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේ ය.

කෙසේ වෙතත් මෙම සත්ව ඝාතන නීති විරෝධී අයුරින් සිදු කරන්නේ නම් හෝ සත්ව ඝාතන පනතේ 17වන වගන්තිය උල්ලංඝනය කරමින් සිදු කරන්නේ නම් ඊට එරෙහිව පොලීසියට කටයුතු කළ හැකි බව අධිකරණය සඳහන් කළේ ය.

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සෙබලුන් හය දෙනෙක් පස් බැම්මකට දිවි පුදයි

දියතලාව යුඳ හමුදා කඳවුරතුළදී පස් බැම්මකට යටවීමෙන් හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇති බව වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජී.වී. රවිප්‍රිය මහතා පවසයි.

සිද්ධියට මුහුණ දුන් සෙබළුන් 8 දෙනාම ‍ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 06 දෙනෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තවුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

VN:F [1.9.20_1166]
Rating: 0 (from 0 votes)
Posted in NEWS | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න